මම, කෙතරම් ආදරේද, නුඹට?
නුඹ,
හැමදාමත් මගේ හිතේ රජ කරන,
හැමදාමත් මගේ නෙතට සතුට, කඳුල ගෙන දෙන,
හැමදාමත් මගේ කවියකට ඇතුළු වන,
කෙතරම් දුරින් සිටියත් ළඟම සේ දැනෙන,
නුඹ...
මම,
හැමදාමත් නුඹව සිහි කරන,
හැමදාමත් නුඹ නිසා හිනැහෙන, හඬන,
හැමදාමත් නුඹව ඇතුළත් කරන් කවියක් ගොතන,
ළඟින් නොමැති වුණත් ළඟම සිටිනා සේ සිතා සිටින,
මම...
මම,
කෙතරම් ආදරේද,
නුඹට?
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment
Comment Here